පාසල් ගීතය
යකල්ල විදුහල් මව්නි දයාබර බැතින් කරමු පිණිපා
ඔද තෙදින් යුතු වු දරු කැළක් ලෙසින් දැය වෙතට
නගමු අප පා.............//
මනු කලා සතර රස විදු නැණ පිරි සිඳ දකිනෙමු ලොව නිසි සේ
සිප් එළිය ලබා එය පතුරමු දසදෙස දිලෙන පහන් රැස සේ
යකල්ල විදුහල් මව්නි දයාබර.............//
තෙලිතුඩ සත්සර නර්තන සමසේ කෙළිබිම ජය ගැනුනේ
දිරියෙන් යමු විදුහල් මව පෙරටුව අදිටන හය අපගේ
යකල්ල විදුහල් මව්නි දයාබර.............//
පොරණේ රජරට විරුවන් බිහිකළ ජය බිම මත ඉපදී
දෙස බසට රැසට ගුණ දහමට උරදෙමු තිරසේ නව පණ දී
යකල්ල විදුහල් මව්නි දයාබර.............//
ගී පද: කමල් සමර ආරච්චි මහතා
සංගීතය: සීලානී සූරියපති මිය





